Saturday, September 27, 2014

Stellarium: ඔබේ පරිගණකයට ග්‍රහලෝකාගාරයක්.


Stellarium යනු නොමිලේ දෙන OpenSource මෘදුකාංගයකි. මෙමගින් ලෝකයේ ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක අහසක් ප්‍රතිනිර්මාණය කර 3D ආකාරයට නැරඹිය හැකියි. ඒ වගේම අපි තෝරා ගන්න object එකක් zoom කර බැලීමේ හැකියාවද තිබෙනවා. මෙමගින් ග්‍රහලෝකයකට තිබෙන උපග්‍රහයින්(චන්දුයින් ) ගණන බලලා ගන්නත් පුලුවන්.
මෙහි එන Default Library එකේ තරු ලක්ෂ 6 කට අධික ගණනක දත්ත අඩංගු වෙනවා. ඊට අමතරව තවත් දත්ත පසුව Install කරගන්න පුලුවන්. මෙහි තිබෙන තවත් feature එකක් තමයි පරිගණකයේ වෙලාවට අනුව එම මොහොතේ අහස පෙන්වීම. ඒ කියන්නේ Realtime තරු සිතියමක් ලෙසත් මෙය හඳුන්වන්න පුලුවන්. ඒකෙන් කියන්නෙ නෑ මෙයින් තරු බලන්න නම් රෑ වෙනකම් ඉන්න වෙනවා කියලා. නමුත් මෙහි ඇති වායුගෝලය ඉවත් කර නැරඹීමේ ක්‍රමය නිසා දවල් උනත් තරු බලන්න පුලුවන්.
ඔබ Ubuntu මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක් නම් ඔබට මෙම මෘදුකාංගය UbuntuSoftware Center එකෙන් Install කර ගන්න පුලුවන්. නැත්නම් .deb file එක මෙතනින් ගන්න.
Stellarium සඳහා අවශ්‍ය වන Data Files මෙම සබැඳියෙන් ගන්න.
Stellarium ගැන වැඩි විස්තර සඳහා Stellarium site එකට යන්න.http://www.stellarium.org/
ඔබ Windows භාවිතා කරන්නේ නම් Stellarium සඳහා .exe file එක මෙතනින් ගන්න.

No comments:

Post a Comment